මහා කුඩුතොග අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තු ලබාදුන්නේ තමන් බව ගම්පොල විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මහාධිකරණයේදී අණාවරණය කළේය.
ට්රැක්ටර් එංජින් තුළ, ට්රැක්ටර් ටයර් තුළ හා හයිබ්රිඩ් මෝටර් රථයකින් කුඩු ප්රවාහනය කරමින් සටියදී කැළණියේදී එම කුඩු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු දුන්නේ තමන් බවත් ඔහු කීවේය.
පොලීසියට කුඩු අල්ලා ගැනීම සඳහා එලෙස උදව් කළද පොලීසිය තමන්ව කුඩු රජා ලෙස අර්ථ දක්වන බව ඔහු කිවේය.
හෙරෙයින් ග්රෑම් 8ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාගය වන නඩුවේ හරස් ප්රශ්ණ වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.