කාවට කුඩු ගෙන්වන පුද්ගලයන්ගේ නාමලේඛනය වහා හෙළිදරවු කරන්නැයි බොදුබල සේනා සංවිධානය පැවසීය.
ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි මත්කුඩු ජාවාරම්කරුවන් මැඬලීම පිණිස විශේෂ බළකාය පිහිටුවීම, සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ගම් හෙළිදරව් කිරීම, සුවිශේෂ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම්වැටි විරෝධී කටයුතු වැඩි කිරීම ආදී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද බොදුබල සේනා සංවිධානය ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය
රටතුළ පරිවර්තනයක් සිදුවන අවධියක එම අලුත් වෙනසට උපකාරී වීමට බොදුබල සේනා සංවිධානය සූදානම් බවත්, එම වැඩපිළිවෙළෙහි අඩුලුහුඬුකම් ඇතිනම් ඒවා පෙන්වාදෙන බවත්බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියෝ මෙහිදී පැවසූහ.
ජාතික ආරක්ෂාව පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරුදුන් ඥානසාර හිමියෝ,කේ.පී ආරක්ෂාකළා යැයි පසුගිය ආණ්ඩුවට චෝදනා කළ නොහැකි බවත්, පවත්වාගෙන පැමිණි රටේ ජාතික ආණ්ඩුවට අතනොතබන ලෙසත්,රට වෙනුවෙන් සිදුකරන ව්‍යාපාර ජාතිවාදී ව්‍යාපාර ලෙස නොදකින ලෙසත් ඉල්ලා සිටි අතර, ජාතිකවාදය සහ ජාතිවාදය වෙනවෙනම තේරුම්ගත යුතු බවද ප්‍රකාශ කළහ.
බෞද්ධවාදය සහ බෞද්ධ අන්තවාදය පිළිබඳව නිවැරදිව හඳුනාගත යුතු බවත්, එසේ හඳුනාගැනීමට නොහැකි අණ්ඩුවේ මැති ඇමතිවරුන් හෝ කාහට වුවද ඒ පිළිබඳව ඉගැන්වීමට බොදුබලසේනාව සූදානම් බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.