කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ යාත්රාවක අද (12දා) ඇතිවූ ගින්නක් අනෙක් යාත්රාවලටද පැතිර යාම නිසා එහි නවතා තිබු බහුදින යාත්රා හයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වාර්තා වේ.
මෙහිදී තංගල්ල නගරසභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර, මෙම ගින්න කුමන හේතුවක් නිසා හටගත්තේදැයි තවම සොයාගෙන නොමැත.කෙසේවෙතත් මේ හේතුවෙන් රුපියල් කෝටි පහකට (05) වැඩි අලාභයක් සිදුව ඇතැයි ධීවරයන් පවසන අතර,ගින්න නිසා ජීවිත හානි කිසිවක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තාවී නොමැත.
දික්වැල්ල - නිමල් ලන්දගේ /රාහුල් සමන්ත