වර්තමානයේ සිටින තරුණ ප්‍රජාවගෙන් බොහෝමයක් රජයේ රැකියාවන් කෙරෙහි විශාල නැඹුරුවක් පවතින බවත් නමුත් පවතින රජයේ රැකියා ප්‍රමාණය ඉතා සීමිත බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (10දා) සඳහන් කර සිටියේය.
කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල නගර ශාලා භූමියේ දී ආරම්භ කෙරුණු ගාලූ ව්‍යවසාය-2017 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
නමුත් රජයේ රැකියාවකට වඩා වැඩි වැටුපක් සාර්ථක ව්‍යාපාර කටයුත්තක නිරත වීම තුළින් උපයාගත හැකි බැවින් ඒ තුළින් රටේ නිෂ්පාදන ක්ෂේත්රයේ වර්ධනයට විශාල රුකුලක් ඇතිවන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
ඒ අනුව නව රජය ග්‍රාමීය ප්‍රදේශවල පවතින කුඩා ව්‍යාපාර ක්ෂේත්රයන් වැඩිදියුණු කරමින් තරුණ ජන කොටස් එවන් ක්ෂේත්‍ර කෙරෙහි යොමු කිරීම තුළින් විරැකියා අනුපාතය පහළ දැමීමට අදාල සැළසුම් සකස්කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන්කර සිටියේය.
මේ අනුව ව්‍යාපාර ක්ෂේත්‍ර කෙරෙහි යොමුවන පුද්ගලයන්ට ස්වශක්ති ණය ව්‍යාපාරය හඳුන්වා දී ඇති බවත් ඒ තුළින් 250,000ක ණයක් ලබදෙන විට රුපියල් 50,000ක් දෙන්නේ නැවත අය කරගන්න නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.