රජය විසින් කුඩා රබර් හිමියන් සදහා අමු රබර් කිරි හා ෂීට් රබර් කිලෝවක් සදහා ගෙවනු ලබන සහතික මිල සඳහා ලබා දෙන හිමිකම් සහතිකය මෙමස 30 දක්වා නිකුත්කරන බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. රබර් සංවර්ධන නිළධාරීන්ගේ සහතිය ලබා ගැනීම අනිවාර්ය බවත් නිවාඩු දිනයන්ද ඇතුලත්ව මෙමස 30 දක්වා නිළධාරීන් රබර් සංවර්ධන නිළධාරී කාර්යාල තුල රුදී සිටින බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.