අමු තේ දලු කිලෝවක මිල රුපියල් 55 දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා කුඩා තේ වතු හිමියන් මේ වනවිට තමන්ගේ ඉඩම්වලම කුලී කම්කරුවන් බවට පත්ව තිබෙන බවත් සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ලෝක නිමි තේ වෙළෙඳ පොළ තුළ තේ කිලෝවක මිල ඉහළ යමින් තිබියදී මෙරට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 70 සිට 55 දක්වා පහත වැටී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.
අමු තේ දලු මිල ශීඝ්‍ර ලෙස පහළ වැටීම නිසා කුඩා තේ වතු හිමියන්ට තමන්ගේ දෛනික වියදමවත් නොලැබෙන තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මේ නිසා බොහෝ තේ වතු හිමියන් තම තේ වතු නඩත්තු කිරීම අතහැර දමා තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
අමු තේ දලු කිලෝවකට රුපියල් 80 ක සහතික මිලක් ලබාදෙන බවට රජය සඳහන් කළද එය මේ වනවිට නැවතී තිබෙන බවත්, මේ නිසා 'සහතික මිල' අමතක කර දමා සාධාරණ මිල සූත්‍රය යටතේ අමු තේ දලු කිලෝවක මිල තීරණය කරන ක්‍රමය ඇති කරන ලෙසත් එම එම සංගමය ඉල්ලා සිටියි.