ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ තත්ත්වයක් හටගෙන ඇති බැවින් කුඩා ගුවන් යානා පියාසර කිරීමේදී නියමුවන් අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පූර්ව අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සන්ධ්‍යා කාලයේදී අකුණු සැර වැඩි වශයෙන් ඇති වන බැවින් කුඩා ගුවන් යානාවලට අනතුරු ඇතිවිය හැකි බව එහි අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පැවසීය.