මෑත කාලයේදී පස් ජාවාරම්කරුවන් කුඩා කඳු 400කට අධික ප්‍රමාණයක් විනාශ කර දමා ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
මෙම ප්‍රමාණයෙන් වැඩිම කඳු ප්‍රමාණයක් විනාශ වී තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ බවත්, කඳු විනාශ කර දැමූ සෑම ප්‍ර‘දේශයකම ජීවත් වන ජනතාව උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසා සිටියේය.
මෙම කඳුවලින් විශාල ප්‍රමාණයක් තෙත් කලාපයට අයත් බවත්, මේනිසා තෙත් කලාපයේ ප්‍ර‘දේශ වියළි කලාප බවට පත්වී තිබෙන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම තත්ත්වය නවතා දැමීමට කටයුතු නොකළහොත් මේ රටේ භූගත ජලය පහළ ගොස් ලවණ ජල මට්ටම ඉහළ යාම සිදුවී රටට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදු වන බවද විතානගේ මහතා පවසා සිටියේය.