කීත් නෙයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත් කර සිටින හිටපු යුද හමුදා සාමාජිකයන් පස් දෙනා යළි ලබන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණය අද (03දා) නියෝග කළේය. එසේම අද දිනයේදී සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එයද එළැඹෙන 16 දා දක්වා කල් තැබිණි.