මාධ්‍යවේදී කීත් නෙයාර් මහතාට 2008 වසරේදී පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සිද්ධියට අදාළව යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙකු මීට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.