ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේදී කිසිම බේදීමක් සිදුනොවුණ බවත් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු දින 45කින් අවසන්කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අවසන් වන තෙක් නව නිලධාරී මණ්ඩලයක් අද පත්කර ගත් අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසීය.
“පක්ෂයේ ප්රතිසංවිධාන වැඩකටයුතු ආරම්භ කරන්න තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ගත්තා. මේ තාවකාලික නිලධාරී මණ්ඩලයේ කාලය දවස් 45යි. වැඩිම වුණොත් මාසයයි. මාස එකහමාර තුළ අපි පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුකර අවසන් කරනවා.
සියලු දෙනාගේ ඒකමතිත්වයෙන් කිසිම බෙදීමක්, කිසිම භේදයක් නැතිව (මෙය සිදුවුණා). එස්. බී. දිසානායක මැතිතුමාලා සහයෝගය දැක්වූවා.”