තමන් විෂයභාර ඇමතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමෙන් පසු තෙල් හිඟයක් මතුව නැති බවත්, ඉදිරියේදීහෝ කිසිදු තෙල් හිඟයක් ඇතිවීමට ඉඩනොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
මලයාසියාව සමග එක්ව මුතුරාජවෙල ලිහිසි තෙල් නිෂ්පාදනගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකළ අතර එහිදී අමාත්‍යවරයා මේබව කීය.