පැනමා වාර්තාවල නම් සඳහන්ව ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බලන බවත්, ඊට අදාළ කිසිදු ලිපි ගොනුවක් සැඟවීමට ඉඩතැබීමක් නොකරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ සොයා බැලීම් සිදු කරන බවයි.
මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ වත්මත් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද (12දා) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීය.