තමන් කිසිදා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතරහැර නොයන බව කෑගල්ල දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වෙනවාද යන්න පිළිබඳව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හේරත් මහතාගෙන් අද (18දා) කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා, "නොසිතූ ලෙස අපි පරාජයට පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටවුවහොත් පමණක් කිසිදු පැකිලීමකින් තොරව අමාත්‍ය ධුරයක් ලබාගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මා විශ්වාසකරගෙන මා හට ඡන්දය ලබාදුන් 93000ක් පමණ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ අමාත්‍ය ධුරයක් ලබාගැනීමට එක්වන්නේ නැහැ යැයි ඒ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් හේරත් මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂෙයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන කබීර් හෂීම් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 4000 පමණක් අඩුවෙන් ලබගැනීම ගැන සතුටුවන බවත්, ඉදිරියේදී පක්ෂය ගන්න තීරණ අනුව කටයුතු කරන බවත්ය.