කිලිනොච්චිය, පරන්තන් ප්රදේශයේ මත්පැන් හලක් අසල ඊයේ (17දා) රාත්රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ප්රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
මත්පැන් හලේ හිමිකරුවන් විසින් ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේ පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග වෙනත් ස්ථානයකදී මෙම ගැටුම හටගෙන තිබේ.
එහිදී ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයක පිරිසක් ආයුධ සන්නන්ධව පැමිණ අනෙක් පාර්ශ්වයේ පිරිසට පහර දී තිබේ.
මෙම පහරදීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කොට ඇති අතර ඇති එක් පුද්ගලයෙකු අසල පිහිටි යුද හමුදා කඳවුරක් හරහා පැන යාමට උත්සාහ දරා දැරීමත් සමග යුද හමුදාව සැකකරුවන් සන්තකයේ තබා ආරක්ෂා කරන බවට චෝදනා කරමින් ප්රදේශවාසීන් උණුසුම් අන්දමින් හැසිරුණහ .
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ප්රදේශවාසීන්ට කරුණු පහදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද (18) උදෑසන වන විට අදාළ පහරදීමට රැගෙන ආ බවට තියුණු ආයුධ තොගයක් ත්රිරෝද රථයක තිබී සොයා ගෙන ඇති අතර එහි හිමිකරුවෙකු වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයෙකු ද අත්අඩංගුවටට ගෙන ඇත.
ඉන් අනතුරුව ඔහුගෙන් කරන ලද ප්රශ්න කිරීම් වලින් පසුව තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතරම එම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.