කිලිනොච්චිය පරෙවිපන්ජාන් යුද හමුදා කඳවුර ඉවත් කර එම ඉඩම් යළි මුල් පදිංචිකරුවන්ට ලබාදීමට තීරණය කර තිබේ. පරෙවිපන්ජා පළාතේ වැසියන් පිරිසක් හා කිලිනොච්චිය දිසාපතිවරයා සමග ප්රදේශයේ යුද හමුදා බලධාරීන් සමග සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්රීවරයාද සුමන්තිරන් මන්ත්රීවරයාද ඇතුළු පිරිසක් ඊයේ 27දා ජනාධිපතිවරයා හමුවී මෙම ඉඩම් පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මෙම ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
මේ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීම කිලිනොච්චිය දිසාපති කාර්යාලය හරහා සිදු කරනු ඇත.