පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අද (02දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ විජිත් විජිතමුණි ඇමතිවරයා සේරුවක් සහ හුණ්ඩුවක් ගෙනැවිත් ඒ ආශ්රයෙන්මෙවර මැයි දින රැලි පිළිබඳව පැහැදිලි කිරීමක නිරත විය. එහිදී ඔහු පැවැසුවේ හුණ්ඩුව යනු ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධිනය කළ මැයි දින රැළිය බවත්, සේරුව යනු ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති මැයි රැළිය බවත්ය.
කෙසේ වෙතත් හුණ්ඩුව හා සේරුව එකට එක්වෙනු ඇති බවත් පැවැසීය.
“ඔයගොල්ලෝ දැකලා තියෙනවද පරණ සේරුව.ඒ වගේම හුණ්ඩුව දැකලා තියෙනවද? මං නිකන් අද ගෙනාවා සේරුවකුයි, හුණ්ඩුවකුයි. සේරුවට හුණ්ඩු හතරයි. අපි සේරුවෙන් බත්කාපු අය. මැයි රැලි එකක් සේරුවේ තිබුණෙ. එකක් හුණ්ඩුවේ තිබුණා. අනෙක් එක ලාහේ. ලාහටත් ගෙම්බො එකතු වුණා. අපි අතිසාර්ථක මැයි රැලිය පැවැත්වූවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 40ක අයට පිට්ටනිය දකින්න බැරි වුණා.ඒ අයට ආපසු හැරිලා යන්න සිද්ධ වුණා.ඊළඟ මැයි දිනය තියෙන පිට්ටනිය කුමක්ද කියන එක අපි කල්පනා කරනවා.අපට පිට්ටනියක් නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගලයෙකුවටා ගොනු වූවක් නෙවෙයි. පක්ෂයක් විදියට ප්‍රබල විදියට මෙවර මැයි රැලිය පැවැත්වුවා” යනුවෙන් පවසා සිටියේය.