කතරගම විහාරාධිපති හිමියන් වහන්සේට හා තවත් හිමිනමකට වෙඩි තබා අපවත් කිරීමට උත්සාහ කළ සිදුවීමේ ප්රධාන සැකකරු වන කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්රධාන කපුවා වන අසේල ලක්මාල් බණ්ඩාර (40) අද අත්අඩංගුවට ගෙන ඇත. එසේම එම වෙඩි තබීමට පැමිණි බව සඳහන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු නිවුන් සහෝදරයෝ වෙති. සැකකරුවන් පැපිලියානේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.