කිරිවෙහෙර විහාරාධිපති ස්වාමීන් වහන්සේට වෙඩි තැබූ බවට සැකකරන කපුවාට ගිනිඅවිය සමග නිකුත් කර තිබූ උණ්ඩ 06ක් අස්ථානගත වී තිබෙන බව වාර්තා වේ.
සැකකරුව බලපත්ර සහිතව අදාළ ගිනිඅවිය සමග උණ්ඩ 20ත් විස්සක් නිකුත් කර තිබෙන බවට වාර්තා වන අතර සිද්ධියට සම්බන්ධ ස්ථානයේදී සහ සැකකරුගේ නිවසේ තිබී සොයා ගත් උණ්ඩ හා උණ්ඩ කොපුවලට අනුව සම්පූර්ණ උණ්ඩ ගණන 14ක් බවට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධ අදාළ කපුවා අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 08ක් යොදවා පරීක්ෂණ පැවැත්වුවත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.