කිරිපිටි මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජීවන වියදම් කමිටුවට පත්කිරීමට කැබිනට් මණ්ලය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා එහිදි කිරිපිටි මිල සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
දේශීය කිරිපිටි මිල ඉහළ දැමිමටත් ඒ වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදීමට කිරිපිටි මිල ඉහළ දැමිය යුතු බවට අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.
දේශීය නිශ්පාදන ආරක්ෂා කළ යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අදහස් දක්වා ඇත.
කෙසේ වුවද ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට පත්ව නොමැත.