(UPDATE) කොළඹ එක් රැස්වන කසළ කිරිඳිවැල ප්‍රදේශයට බැහැර කිරීමට විරුද්ධව කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් සිදුකල විරෝධතාවයට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කිරිඳිවැල මාළිගාවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට කොළඹ නගරයේ කසළ ලොරි 10ක් රැගෙන ඒමත් සමගින් ජනතාව පාර අවහිර කරමින් බාධා කිරීම කිරිඳිවැල මාළිගාවත්ත හන්දිය උණුසුම්කාරී තත්ත්වයක් ගත්තේය.
අද (20දා) සවස 2.00ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඇතිව මෙම කසළ ලොරි එම මධ්‍යස්ථානය වෙත රැගෙන ඒම සිදු කෙරුණු අතර, ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව මාර්ගයේ වාඩිවී විරෝධතා දැක්වූහ.
මෙම කසළ ලොරි 10 රැගෙන ඒම සම්බන්ධව අද පෙරවරුවේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල හා නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, මිලාන් ජයතිලක යන මහත්වරුන් කිරිඳිවැලදී සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී අප්‍රේල් 28 දින දක්වා කොළඹ කසළ ටොන් 80ක් බැගින් මෙම මධ්‍යස්ථානයට රැගෙන ඒමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා සිටියේය.
කිරිඳිවැල උපාලි රණවීර