අවදානම් ප්‍රදේශ තුළින් ඉවත් වෙන ලෙස දැනුම් දුන් වහාම එම ස්ථානවල නොරැඳී ඉවත්වන ලෙස නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලාල සිටියි.
එලෙස දැනුම්දුන් පසුද ඉවත් නොවූ පුද්ගලයන් හේතුවෙන් අවතැන් වූවන් රැසක් සිටින බවත්, ඔවුන්ව මුදවාගැනීමට දැඩි ප්රයත්නයක නිරතව සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්රම් අලෙවි මහතා පැවසීය.
එමෙන්ම ආපදා තත්ත්වයන් පිළිබඳව නාවික හමුදා ක්‍රියාකාරී මැදිරියට 011 244 5368 /011 221 2230 /011 221 2231 දුරකථන ඔස්සේ දැනුම් දෙන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.