කිම් කඩාෂියන් සිය 63 හැවිරිදි මී මිත්තනිය විඳින සිර දඬුවමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි සමාව ලැබීමත් සමග ඇලිස් මාරියා ජොන්සන් බන්ධනාගරයෙන් නිදහස් වී තිබේ.
පසුගිය සතියේදී කිම් කාඩාෂියන් ඇමෙරිකානු ජනාධිපතිවරයාව පෞද්ගලිකව මුණ ගැසෙමින් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ හමුවක් විය. ධවල මන්දිරයේ ඕවල් කාමරයේදී ජනපති ට්‍රම්ප් හමුවූ කාඩාෂියන්, සිය මී මිත්තනිය වෙනුවෙන් ජනපති සමාවක් ලබාදෙන ලෙස ඔහුගෙන් අයැද සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වරදක් හේතුවෙන් ඇලිස් මාරියා ජොන්සන් වසර 20ක සිර දඬුවමක් ඒ වනවිටත් බුක්ති විඳ තිබූ අතර, ඇය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත්ව සිටියාය. කෙසේ වෙතත්, ජනපති සමාවත් සමග ඊයේ (06දා) ඇය බන්ධනාගාරයෙන් නිදහස ලැබීය.
ජනපති ට්‍රම්ප් සමග සිදුවූ හමුවේදී කිම් කාඩාෂියන් ඔහුගේ කාර්යාල මේසය අසලට වී සිටින විශේෂ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි. එහිදී, කිම්ගේ හමුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ ට්‍රම්ප් පවසා තිබුණේ ඔවුන් අතර අතිශය සුවිශේෂී හමුවීමක් සිදුවූ බවකි.
නිදහස ලබා පැමිණි ඇලිස් ජොන්සන් රැගත් රථය ඇලබාමා හි ඇලිස්විලේ වෙත පැමිණි විට ඇය එම රථයෙන් පැන තම ඥාතීන් වෙත වේගයෙන් දුවගෙන පැමිණෙන ඡායාරූප හා විඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.
ඇයට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාජය තුළද මේ වනවිට කතාබහක් ඇති වී ඇති අතර, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මීට අකැමැතිව සිටි බවක්ද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, කිම් කාඩාෂියන් යනු ජනප්‍රිය ගායක කෙනී වෙස්ට්ගේ බිරිඳයි. එමෙන්ම, නිරූපණ හා රියැලිටි ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් වන ඇය, සිය දේහ විලාසය හා ඒ හා බැඳුණු විලාසිතා සම්බන්ධයෙන්ද ලොව පුරා රසික පිරිසක් වසඟයට ගත් චරිතයක් බවද නොරහසකි.