කින්නියා ප්‍ර‘දේශයේ අධිකරණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති නමුත්, ඒ සඳහා සුදුසු ඉඩමක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කීය.
කින්නියා අධිකරණය ඉදිකිරීමට පර්චස් 40ක ඉඩමක් මේ වනවිට හඳුනාගෙන තිබුණද එය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෙනත් ඉඩමක අවශ්‍යතාව පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අධිකරණය ඉදිකිරීමට අවශ්‍ය මුදල් රජය මගින් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
1980 කාල සීමාව තුළ කින්නියා සංචාරක අධිකරණය ක්‍රියාත්මක වූ අතර, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් එය වසා දමන ලදී.