අතිශය සංවේදී රක්ෂිත කලාපයකට හිමිකම් කියන කිතුල්ගල රක්ෂිත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය එම පරිසර පද්දතියේ මාරයා බවට පත්ව ඇති බව වැසි වනාන්තර සුරැකින්නනගේ සංගමය සඳහන් කරයි.
හොර කුලයට අයත් Balnocapus Kitulgallensis ශාකය මුළු ලෝකයෙන්ම මෙම පරිසර පද්දතිය තුල පමණක් වාර්තා වේ. ඉතාමත් දුර්ලභ වටිනා ශාකයක් වන මෙම ශාකය ව්‍යාප්තව ඇති රක්ෂිතයට මායිම්ව පිහිටි ගංගා ප්‍රේරක කලාපය තුළ ගල්බෝර දැමීම, බැකෝ යන්ත්‍ර යොදා ඉදිකිරීම් කටයුතු කිරීම සහ විදුලි බලාගාරය සඳහා ජලය කොන්ක්‍රීට් අනුමන් ඔස්සේ ගෙනයාම නිසා ගංගාවේ ජල මට්ටම පහත බැසීමට ලක් විය හැකි බව ඔවුන් පවසයි.
සිංහරාජයට නොදෙවෙනි ජෛව විවිධත්වයක් ඇති කිතුල්ගල ප්‍රදේශයේ මෙවැනි ඉදිකිරීම් කිරීම එහි ජෛව විවිධත්වයට සහ මෙම පරිසර පද්ධතියට පමණක් ආවේනික මත්ස්‍ය සම්පතටද කෙරෙන්නා වූ බලහත් තර්ජනයකි.
Devario micronema හෙවත් කිතුල්ගල සාලයා නමැති මත්ස්‍යා කැළණි ගංගා ද්‍රොණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව, සෙමින් ගලායන සෙවණ සහිත දියපහර වල පමණක් ඉතා සීමිත ව්‍යාප්තියක් පෙන්වන මත්ස්‍ය විශේෂයකි. මෙම විශේෂය 1863 දී “පීටර් බ්ලීකර්” නම් විද්‍යාඥයෙකු විසින් මුලින් හඳුන්වා දී ඇති නමුත් මොවුන් ලෝකයෙන් වඳවී ගොස් ඇතැයි මතයක් පවතින වකවානුවකදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදු කරන ලද මිරිදිය සාලයන් පිලිබඳ අධ්‍යයනයේදී නැවත මෙම මත්ස්‍ය විශේෂය කැළණි ගංගා ද්‍රොණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව නැවත සොයාගැනීමට හැකි විය.
යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය මෙම මත්ස්‍ය විශේෂය සීමා වී පවතින ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අතර,දැනටත් ප්‍රාදේශිය බලධාරීන් අවසර ලබා දී ඇති මෙම ඉදිකිරීම සිදුවුවහොත් කිතුල්ගල සාලයා මත්ස්‍ය විශේෂය වාසය කරන ජල මූලාශ්‍ර විනාශ වී මුලූ ලොවින් සදහටම වඳ වී යාමේ තර්ජනයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
ව්‍යාපෘතියට හසුවන ජල ප්‍රදේශය තුල මත්ස්‍ය විශේෂ 39ක් දැකිය හැකි අතර මින් 21ක් ලංකාවට ආවේනික මත්ස්‍යයින් වේ. ඉන් 17ක් වඳවීයාමේ තර්ජනයට මුහුණ පෑම නිසා IUCN රතු දත්ත පොතට ඇතුලත් වී ඇති අතර ඉන්12ක්ම මෙම පරිසරයේ ජීවත් වේ.