කෑගල්ල දිස්ත්රික්කය සඳහා නව පොලිස් ස්ථාන තුනක් සහ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට නියමිත බව සබරගමුව පළාත් සභාව පවසයි.
කෑගල්ල දිස්ත්රික්ක ලේකම් කාර්යාලයේ පෙරේදා (05දා) පැවැති කෑගල්ල දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවද එම පළාත් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ ඉඹුල්ගස්දෙනිය, ගලිගමුව සහ ගොඩිගමුව යන ප්ර‘දේශවල මෙම නව පොලිස් ස්ථාන ස්ථාපිත කෙරේ. මීට අමතරව රඹුක්කන, පින්නවල සඳහා නව පොලිස් මුරපොළක්ද ස්ථාපිත කිරීමට නියමිතය.