එළඟපිටිය සාමසර කන්ද නායයෑම නිසා පස්කන්දට ජනතාව යටවී සිටීද යන්න සොයා ගැනීම සඳහා අදාළ ප්ර‘දේශයේ පදිංචිව සිටි ජනතාව සහන කඳවුරුවල සිටීද යන්න සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා නායයෑමට ලක්වූ ප්ර‘දේශ ආශ්රිතව සිටි ජනතාව විශාල පිරිසක් සහන කඳවුරුවල සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙන අතර එහෙත් කන්ද නායයෑම සිදුවන අවස්ථාවේදී අදාළ ප්ර‘දේශවල කොතරම් පිරිසක් සිටියාද යන්න මෙතෙක් හෙළිවී නැත.
මේ නිසා ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායම් පවා දැඩි දුෂ්කරතාවන්ට මුහුණදී සිටින අතර මේ නිසා අදාළ ප්ර‘දේශයේ ජීවත්වූ ජනතාව කොතරම් ප්රමාණයක් අවතැන් කඳවුරුවල සිටිනවාද යන්න සොයාබැලීම කෑගල්ල දිස්ත්රික් ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් සිදුවන බවද වාර්තාවේ.