කෑගල්ල මහෙස්ත්රාත් අධිකරණයට ගෙන ගොස් සිට රැඳවියන් 5 දෙනෙකු බන්ධනාගාර නිලධාරින්ට පහර දි පලා ගොස් තිබේ. අද (24 දා) පස්වරුවේදී මෙම සිදුවීම වාර්තා වූ අතර පලා ගිය රැඳවියන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරින් සමත්ව තිබේ.
කෑගල්ල මොළගොඩ දේවාලයක මංකොල්ලයකට පැමිණි නොච්යාගම ප්රදේශයේ යුධ හමුදාවෙන් පැන ගිය පුද්ගලයෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගැනීම සඳහා සොයනුයේ යුධ හමුදාවෙන් පැන ගිය නොච්චියාගම සජිත් ඉදුනිල් හා කෑගල්ල, පරගම්මන දිනුෂ සම්පත්, රසික සඳරුවන්, රොෂාන් චන්දිම යන සැකකරුවෝ වෙති.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර