මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ප්රමාණය 92 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
වැඩිම පැමිණිලි ප්රමාණයක් ලැබී තිබෙන්නේ මහජන දේපළ හා රාජ්ය සේවකයන් මැතිවරණයට යොදා ගැනීම හා පත්වීම් ලබාදීම, ස්ථානමාරු ලැබාදීම පිළිබඳව බවත්, එම පැමිණිලි ප්රමාණය 67 ක් බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
වැඩිම පැමිණිලි ප්රමාණයක් ලැබී තිබෙන්නේ හම්බන්තොට දිස්ත්රික්කයෙන් බවත්, එම ප්රමාණය 12 ක් බවත් පවසා සිටියේය.