කැළිණි ගඟට තෙල් එක්වීමෙන් ඇතිවූ ගැටලුව මේ වනවිට පාලනය කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. තෙල් එක්වීම සිදුවූ අදාළ කර්මාන්ත ශාලාවේ නළ පද්ධතිය හා පිරිපහදු පද්ධතිය මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥයන් විසින් පරීක්ෂාවට ලක්කළ බවත්, ඉන්පසුව එම පද්ධතීන් සම්මත ප්‍රමිතීන්ට අනුව පවතින බව තහවුරු වූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම පරීක්ෂාවලින් පසුව අත්හිටුවා තිබූ අදාළ ආයතනයේ පරිසර ආරක්ෂණ බලපත්‍රය කොන්දේසිවලට යටත්ව නැවත ලබාදීමට තීරණය කළ බවද මේ හේතුවෙන් නැවත පිරිසුදු පානීය ජලය ලබාදීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට වැය වූ පිරිවැය අදාළ සමාගම මගින් අයකරගැනීමට තීරණය කළ බවද මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙයි.,