කැළණිය විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් අනතුරුවය. කෙසේ වෙතත් වෛද්‍ය පීඨය විවෘතව තැබීමටත් තීරණය කර තිබේ.
ඊයේ (04දා) රාත්‍රියේ හා අද (05දා) පෙරවරුවේ මෙම ගැටුම ඇතිව තිබේ. ගැටුම හේතුවෙන් සිසුන් 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ. විශ්වවිද්‍යාලයේ විසිවැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ වෛද්‍ය ප්‍රදර්ශනයද අවලංගු කර තිබේ.
වෛද්‍ය ප්‍රදර්ශනයේ බැනර් කලා පීඨයේ සිසුන් විසින් විනාශ කර දැමීමත් සමග ගැටුම ඇතව තිබෙන බව වාර්තා වෙයි.