කැළණිය සරසවියේ බීමට ගන්නා ජලයට බැක්ටීරියාවක් මිශ්රවීම හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලය සතියක් වසා දැමුණු බව පාලන අධිකාරිය කියයි. විශ්වවිද්‍යාල නැවතත් එළැඹෙන බදාදා දිනයේදී විවෘත වීමට නියමිතය. නේවාසිකාගාරවලින් සිසුන්ට පිටවන ලෙසද පාලනාධිකාරිය උපදෙස් දී ඇත. ජලය ආසාදනය වීම හේතුවෙන් සිසුන් 100ක් පමණ අසනීපයට පත්ව ඇත.