වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේදි කැළණි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි ගැහැණු ළමු දෙදෙනාගේ සිරුරු සොයගත් බව පොලිසිය කියයි.මෙම ගැහැනු ළමුන් දෙදෙනා ඊයේ අතුරුදන්විය.
ළමුත් තිදෙනෙකු දිය නාමින් සිටියදී එයින් දෙදෙනෙකු දියේ ගිලී තිබුණි. ඔවුන් සෙවීමේ මෙහෙයුම් නාවික හමුදා කිමිදුම්කරුවන් අද උදෑසන ආරම්භ කරනු ලැබීය.
සුබෝදනි නයෝමි බණ්ඩාර (13), දැහැමි ප්රසාදිනි (13) යන ගැහැණු දරුවන් මෙසේ ජීවතක්ෂයට පත්ව සිටියි.