කැළණි ගඟ පහළ ප්‍රදේශයට ජලය වැඩිවීමත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී.
දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණිවල ඉහළ ජලධාරා ප්‍රදේශවල ගංවතුර මට්ටම්වල කිසියම් අඩුවීමක් දක්නට ලැබුණත් කැළණි ගඟ පහළ නිම්නය විශාල ගංවතුර තත්ත්වයක තවමත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එමෙන්ම කැළණි ගඟේ ජල මට්ටම තවදුරටත් වැඩිවුවහොත් කොළඹට සිදුකෙරෙන ජල සැපයුමටද බාධා ඇති විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එමෙන්ම නළ ජලය බොර පැහැවී ඇතැයි ඇතැම් ප්‍රදේශවලින් ලැබෙන පැමිණිලි පිළිබඳවද වහාම සොයා බලන බවත්, එවැනි පැමිණිලි ඇත්නම් 1939 හදිසි ඇමතුම් අංකයට දැනුම් දිය හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.