දකුණු මුහුදු තීරය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ හඳුනා නොගත් හේතුවක් මත මරණයට පත්වූ කැස්බෑ සිරුරු හමුවීම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (23 දා) NARA ආයතනයට උපදෙස් ලබා දුන්නේය.
මේ ආකාරයට හමුවූ කැස්බෑ සිරුරුවල බාහිර කිසිදු තුවාලයක් දක්නට නොමැති වූ අතර ඔවුන් මරණයට පත් වූ හේතුව මෙතෙක් හෙළිවී නොමැත.
ස්වාභාවික හේතුවක් මත මෙතරම් කැස්බෑවන් ප්‍රමාණයක් මරණයට පත් විය නොහැකි බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා NARA ආයතනයට පැවසීය.
මෙසේ මියගොස් ඇති කැස්බෑවුන් අතර, කොළ කැස්බෑවන් සහ බටු කැස්බෑවන් වන බව, හම්බන්තොට දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි.