අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (01දා) පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවේදී ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කිරිමට නියමිතය.අද (30දා) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ප.ව. 5 සිට ප.ව. 7 දක්වා ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳව මන්ත්‍රීවරු අදහස් දැක්වීමට නියමිතය. පාර්ලිමේන්තු කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාවට ගෙන ඒමට නියමිතය.