විසිවැනි සියවසෙහි ලොව කැපී පෙනුණු චරිත අතරින් ෆිදෙල් කැස්ත්‍රෝ වෙත ප්‍රමුඛස්ථානය හිමිවන බවත්, හෙතෙම නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ පුරෝගාමී පුරුෂෝත්තමයෙක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ අප සහ එතුමා අනුගමනය කළේ වෙනස් ප්රපතිපත්තීන් වුවද, එතුමන්ගේ සමාජ ප්රතිපත්තීන් සැමවිටම අපගේ අගැයීමට ලක්වූ බවත්, විශේෂයෙන්ම නිවාස, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී ක්ෂේත්රයන් හරහා එතුමන් සිදු කළ ප්‍රතිසංස්කරණ හා විප්ලවීය සැලසුම් ඔස්සේ අපට අධ්යනයනය කිරීමට බොහෝ කරුණු තිබුණු බවත් අගමැතිවරයා පවසයි.
ජේ. ආර්. ජයවර්ධන මහතා සහ කැස්ත්‍රෝ මහතා අතර පැවතියේ ඉතා සමීප පෞද්ගලික මිත්‍රත්වයක් බවත්, සෑම මාසයකම ඉස්තරම්ම ලංකා තේ එකතුවක් ජයවර්ධන මහතා විසින් කැස්ත්‍රෝ මහතා වෙත යැවුණු අතර, අගනා හවානා සුරුට්ටු පෙට්ටියක් එතුමා වෙතින් ජයවර්ධන මහතා වෙත මාසිකව පිරිනැමිණු බවත් අගමැතිවරයා පවසයි.
ජීවිතය පුරා තම ප්‍රතිපත්ති වෙනුවෙන් අභීතව පෙනී සිටි කැස්ත්‍රෝ මහතා ඇන්ගෝලාව නිදහස් කර ගැනීමේදී හා දකුණු අප්‍රිකා නිදහස් අරගලයේදී ලබාදුන් දායකත්වය කෘතවේදීව සිහිපත් කිරීමටද, 1959 වසරේ සිට ශ්‍රී ලංකාව සමග තානාපති සබඳතා පවත්වමින්, අප වෙත ජාත්‍යන්තර තලයේ ලබාදුන් සහයෝගය අගය කිරීමට ද, මෙය අවස්ථාව කර ගන්නා බවද සිය ශෝක පණිවුඩයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කරයි.