කැලණි සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් පස් දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන් විසින් පොලීසියට කරනලද පැමිණිල්ලකට අනුවය. නවක සිසුවියන් වසරක් යනතුරු දිග කලිසම් නොඇඳිය යුතු යැයි සරසවියෙන් පනවා ඇතැයි කියන නීතියක් ගැන සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් කලිසම් ඇඳ එන නවක සිසුවියන්ට පරුෂ වචනයෙන් බැන ඇතැයි සඳහන්ය.