කැලණිය සරසවියේ වකුගඩු පර්යේෂණායතන ගිවිසුමට අත්සන් තැබේ
කැලණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත, මූලය හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් සිදුව තිබේ.
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්යක්ෂ අසේල ඉද්දවෙල මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සමරසිංහ යන මහත්වරුන් විසින් ගිවිසුමට මෙහිදී අත්සන් තැබීය.
කැලණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරන මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත කිරීම, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයට මූලික වන හේතුන් අරබයා බහුවිධ පර්යේෂණ සිදු කිරීම, අනෙකුත් දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයන් සමග අදාළ පර්යේෂණ තොරතුරු හුවමාරු කර ගැනීම, වකුගඩු රෝගය දුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති/ සැලසුම් සඳහා නිර්දේශ ලබාදීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

