කැලණිය විශ්ව විද්‍යාලයීය සිසුන් සඳහා ලබාදී තිබු නිවාඩුව තවදුරටත් දීර්ඝ කළ බව උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල පැතිර යන ආසාධිත තත්ත්වයක් හේතුවෙන් අප්‍රේල් මස 26 වැනිදා සිට මැයි මස 04 වැනිදා දක්වා විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පසුගියදා එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණද එම නිවාඩුව මැයි මස 11 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව පැවසීය.