කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව එහි යකඩ පාලම් කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ JMT හවුල් ව්‍යාපාරයට පැවරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදිකිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවීමෙන් පසුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජී.එම්.ටී. ආයතයට පවරා ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 31539 කි.