කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. ඊයේ(20දා) පැවති ජල මට්ටමට වඩා මේවනවිට ජල මට්ටම ක්‍රමයෙන් අඩුවන බව ස්ථාන කිහිපයකින් ගත් දත්ත අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මේඅතර අඹතලේ ජල පවිත්‍රාගාරය ආශ්රිත ජල මට්ටම මේවන විට අඩි 19.11ක පවතින බවත්, එය අඩි 23 දක්වා වැඩි වුවහොත් ජලපවිත්‍රාගාරය වසා දැමීමට සිදුවන බවත්, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසීය.
කෙසේවෙතත් කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවන බවක් මේවන වාර්තා වී ඇති බැවින් දැනට පවත්නා තත්ත්වය යටතේ ජල පවිත්‍රාගාරය වසා දැමීමට තරම් අවදානමක් මතු නොවන බව හෙතෙම වැඩිදුරටත් කීය.