කැලණි ගඟේ ජලයට එකතුව ඇත්තේ ෆානස් ඔයිල් බවත් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම මගින් කැලණි ගඟේ ජලයට විෂ රසායනික එකතුවී එහි ජලදූෂණයවීම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 134.5 වඩා වැඩි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද(07දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කැලණි ගඟේ ජලයට එකතුව ඇත්තේ ෆානස් ඔයිල් බවත් මේ පිළිබඳව බියුරෝවෙරිටාස් ආයතනය සහ ඉන්දියාවේ එස්.ජී.එස් ආයතනය පරීක්ෂණ සිදුකළ බවද මෙහිදී ප්‍රකාශ විය.
අදාළ විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරන අතර එම වාර්තාවෙන්ද ඉදිරියේදී මේ පිළිබඳව දැනගැනීමට හැකියාව ඇතිබව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට දන්වා ඇති අතර අදාළ සමාගම විසින් රජයට වැයවූ මුදල් ගෙවා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.