ලංකාවේ ධනය උපදවන ප්‍රධානම මධ්‍යස්ථානය බවට කැලණි ගඟ පත්කළ යුතු බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ නිවාස ඒකක 396 කින් සමන්විත ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට කොළඹදී එක් වෙමිනි.
ලන්ඩන් නගරයේ තේම්ස් නදිය, ජර්මනියේ රයින් නදිය, කොරියාවේ හැං නදිය, රුසියාවේ ලේනා ගඟ සහ චීනයේ යැංසි ගඟ ඒ සඳහා උදාහරණ බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේද කැලණි ගඟ මහා ධනය උපදවන පදනම බවට පත්කර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
“අවාසනාවකට කැළිකසළ, අපජලය, මළාපවහන පද්ධති මුදාහරින තැන, සමාජයේ දූවිලි බවට පත්වෙච්ච දුප්පත් දුක්ඛිත මිනිස්සු වීසි කරදමන තැන බවට අද කැලණි ගං මෝය පත්වෙලා තිබෙනවා. කැලණිගග, අත්තනගලුඔය සහ කළුගග සම්බන්ධයෙන් විධිමත් බහුකාර්ය යෝජනාවලියක් කි‍්‍රයාත්මක කිරීම අවශ්‍යයි”