www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස වසර හයක් සේවය කිරීමට ලැබීම තම ජීවිතයේ ලැබූ උසස්ම ගෞරවය බව ධුරයෙන් ඉවත්ව යන ඩේවිඩ් කැමරන් පවසයි.
ඩවුනින්ග් වීදියේ, අංක 10 නිවසට සමුදෙමින් තම බිරිඳ හා දරු තිදෙනා සමග ඉවත්ව යමින් අගමැති කැමරන් ඊයේ (13දා) මෙසේ පවසා සිටියේය.
එමෙන්ම, තමන් බලයට පත්වන කාලසීමාවට වඩා අද වනවිට බ්‍රිතාන්‍ය යනු ලෝකයේ බලවත් රාජ්‍යයක් බවද අගමැතිවරයා පවසා සිටියේය.
ඒ අනුව, බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවන ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීමෙන් පසුව, නව අගමැතිවරිය ලෙස තේරේසා මේ නිල වශයෙන් හඳුන්වාදීමද සිදුවනු ඇත.
කෙසේ වෙතත්, ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරය දැරූ කාලය හා මේ නික්ම යෑම පිළිබඳව හැඟීම්බර කතාව සිදුකළ අවස්ථාවේදී වඩාත් ශෝකයට පත් තැනැත්තිය ඔහුගේ බාල දියණිය වූ පස් හැවිරිදි ෆ්ලෝරන්ස් බවට විවාදයක් නොතිබූ බවද විදෙස් මාධ්‍ය පවසා තිබුණි.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd