කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණෙන ඇමතිවරු මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම අශෝභන බවට තමන් පිළිගන්නා බවත්, ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමකදීය.
කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණෙන ඇමතිවරුන් මාධ්‍ය වෙත විවිධාකාරයේ තොරතුරු ලබාදීම හේතුවෙන් කැබිනට් ප්‍රකාශක විසින් සිදුකරන ප්රකාශයන්හි පවතින වගකීම් භංගතභාවය මැකි යන බවට මාධ්‍යවේදීහු එහිදී අමාත්‍යවරයාට ත පෙන්වා දුන්හ.