ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්මුතියෙන් සහ සාකච්ඡාවෙන් නව අමාත්‍යවරුන් පත්කිරීම සිදු කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජනතා තෘප්තිය සහ අතෘප්තිය ඇති වන්නේ මැති ඇමති තනතුරු හරහා ක්‍රියාත්මක කරන සේවාව මත බවත්, නව අමාත්‍යවරුන් විශිෂ්ට අන්දමින් කටයුතු කරන ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් දැරූ අමාත්‍ය ධුර දෙකක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයට ලැබුණු බවද ඔහු පැවසීය.