ඉදිරියේදී සිදුවන කැබිනට් සංශෝධනය විද්‍යනුකූලව සිදුකළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. තලවතුගොඩදී අද (11දා) පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“දේශපාලන වශයෙනුත් අදහස් ඇතිවී තිබෙනවා කැබිනට් සංශෝධනයක් සිදුවීමේදී විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍යාංශවල විෂය බෙදීම සිදුවිය යුතුයි කියා. වැඩකටයුතු සිදුකර ගැනීමේදී විශාල ගැටළු පැන නැගී තිබෙන්නේ රාජ්‍ය අංශයේ විවිධ ආයතන වලින් බව කණගාටුවෙන් කියන්න ඕනේ. අපි දන්නවා අපි කොච්චර අපහසුවෙන් ද මෙම කටයුතු කරන්නේ කියලා. එක තීරුපතක අංක 2 වෙනුවට අංක 3 යොදලා මාරුවෙලා යොදලා ආපසු ඇවිත් අර ආයතන සියල්ල වටේම කැරකිලා ගියා මාස 18 ක්. මේකත් සමග අපට හරි අමාරුයි මේ ක්‍රියාවලිය ගෙන එන්න. අප වෙහෙසට පත්වෙලා ඉන්නේ මේ පිළිබඳව කතා කරලා.
මහජන විරෝධතා අපට ඉවසන්න පුළුවන්. පරිසර ඇගයීම් අනිවාර්යයෙන්ම කළ යුතුයි. නමුත් රාජ්‍ය නිලධාරී තන්ත්රයේ කැරකැවෙන කැරකැවිල්ල ඉවසන්න අපට ටිකක් අමාරුයි. කොරියාව වැනි රටවල එකම අමාත්‍යාංශයක් යටතේ ඉඩම්, ජලය, යටිතල පහසුකම්, විදුලිය, ප්‍රවාහන සියළු ආයතන එකම අමාත්‍යාංශයක් එක අමාත්‍යවරයෙක් යටතේ තිබෙන්නේ. එමගින් වහාම සංවර්ධනය සිදු කෙරෙනවා. ඒ යටතේ රාජ්‍ය ඇමතිවරු සිටිනවා. මම හිතනවා ඔබතුමත්, අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම පහසු ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියා. ”