කැබිනට් තනතුරු ලබාදීමේදී ඒ සඳහා සුදුසුම පුද්ගලයන් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීරණයක සිටින බව අදට වාර්තා වේ.
කැබිනට් තනතුරු ප්රදානය කිරීමට පෙර, තමන් කළ කී දෑ පවසමින් හා ලැබූ මනාප සංඛ්‍යා පදනම් කරගනිමින් විවිධ අමාත්‍යාංශ බලාපොරොත්තුවෙන් ඉල්ලීම් ඉදිරිපත් නොකරන ලෙසත්, එවැනි ඉල්ලීම් නොසලකා හැරීමටත් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය දැඩි තීරණයක සිටින බවද වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් ජාතික ආණ්ඩුවකට එකතු වන මන්ත්‍රී කණ්ඩායම හා ඔවුන්ගේ ඉල්ලීම් ඊයේ (20දා) සවස වනවිටත් අග්‍රාමාත්‍යවරයාට නොලැබී තිබුණු අතර, එම ඉල්ලීම් ලැබුණු පසු එයද සලකා බලා කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අදාළ පත්කිරීම් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉදිරි දින දෙක තුළ අදාළ සාකච්ඡා පවත්වා අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කරගැනීමට නියමිත අතර, බොහෝ දුරට ලබන සඳුදා (24දා) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ. එහිදී බොහෝ දුරට කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 40 ක සීමාවක රැඳෙනු ඇති බවද සඳහන් වේ.