කැබිනට් මණ්ඩල සංශෝධනයක් මේ මොහෙතේදී සිදුකිරීම කාලෝචිත නොවන බැවින් එයට එකඟ විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් බහුතරයක් අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අකමැති බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.
කැළි කසළ ප්රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත්වී ඇති මොහොතක එයට කඩිනමින් විසඳුමක් සෙවිය යුතු බැවින්ද කඩා වැටුණු ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට වසර එකහමාරක් තුළ අවශ්‍ය අඩිතාලම සකස්කර ඇති මොහොතක එවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම නොගැළපෙන බවද එම අමාත්‍යවරුන්ගේ අදහස වී තිබේ.
වසර එකහමාරක කාලයක් තුළ සැකසූ සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අවස්ථාවකදී යළිත් වතාවක් කැබිනට් සංශෝධනයක් සිදුවුවහොත් අදාළ කටයුතු තවදුරටත් ප්‍රමාද වී ආණ්ඩුව දැඩි අර්බුදයකට හා ජනතා දෝශාරෝපණයකට ලක්විය හැකි බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම බොහෝ අමාත්‍යාංශ විවිධ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග විවිධ ගිවිසුම් ඇති කරගෙන ඇති බැවින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වුවහොත් එම කටයුතුද අක්‍රිය හෝ ප්‍රමාද වීම සිදුවන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
එබැවින් මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අනවශ්‍ය බව එජාප අමාත්‍යවරුන් දන්වා ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.